ගුවන් හමුදා නව මාණ්ඩලික ප‍්‍රධානී සුදර්ශන පතිරණ
- 2019-06-05 13:37:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කර තිබේ.
එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.
ඔහු 1987 ජනවාරි මස 02 වන දින නියමු පොදු රාජකාරි ශාඛාවේ පයිලට් ඔෆිසර් නිළයේ අධිකාරිත්වයට පත්විය.
ඔහු 1990 වසරේ චීන උපදේශකයින් යටතේ අංක 5 ජෙට් ප‍්‍රහාරක ගුවන් යානා බලඝණයේ ත් 7 ගුවන් යානා පුහුණුව ලැබූ පළමු ශ‍්‍රී ලාංකික ගුවන් නියමුවන් සය දෙනා අතරින් එක් අයෙක්ද වෙයි. ඔහු කෆීර් සහ ත් 7 ප‍්‍රහාරක ගුවන් යානා බලඝණයන්හි අණදෙන නිළධාරීවරයා වශයෙන්ද මිග් 27 ප‍්‍රහාරක ගුවන් යානා බලඝණයේ වැඩබලන අණදෙන නිළධාරීවරයා වශයෙන්ද කටයුතු කොට තිබේ.
එයාර් වයිස් මාර්ෂල් පතිරණ මහතා ප‍්‍රහාරක ගුවන් යානා නියමුවෙකු, නියමු උපදේශකයෙකු සහ කෆීර් සහ ත් 7 ප‍්‍රහාරක ගුවන් යානා ඇතුළුව ගුවන් යානා වර්ග 10 කට අධික ප‍්‍රමාණයක් යටතේ පියාසර පැය 3500 කට අධික ප‍්‍රමාණයක් පියාසර කල ක‍්‍රියාකාරී මෙහෙයුම් නියමුවෙකුද වෙයි.
ඔහු විවිධ පියාසර මෙහෙයුම් රාශියකට දායක වී ඇති අතර එහිදී ඔහු විසින් දක්වන ලද වීරත්වය උදෙසා සය වතාවක් වීර පදක්කමින් පිදුම් ලබා ඇත. ඔහු අද වනවිට ගුවන් හමුදා ඉතිහාසයේ වැඩිම කෆීර් ගුවන් යානා මෙහෙයුම් ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කළ ශ‍්‍රී ලාංකික නියමුවා වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments