චීනයේ පාවෙන රෝහල කොළඹ වරායට පැමිණෙයි
- 2017-08-06 13:11:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (06දා) උදෑසන කොළඹ වරායට සේන්දු විය. නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
ලෝකය පුරා ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්ට ක්ෂණිකව මානුෂීය සහන ලබා දීමේ අරමුණින් යුතුව මෙම නෞකාව නිර්මාණය කර තිබේ.
උසස්ම තාක්ෂණයෙන් පරිපූර්ණ මෙම නෞකාව ‘ආර්ක් පීස්’ (Ark Peace) නමින් ද හදුන්වනු ලබයි. මහජන චීන සමූහාන්ඩුව විසින් නිර්මාණය කොට නිපදවා ඇති මෙම රෝහල් නෞකාව දිගින් මීටර් 178 ක් සහ පළල මීටර් 24 ක් වේ.
මෙහි 381 දෙනෙකුගෙන් යුත් නෞකා කර්යය මණ්ඩලයක් රාජකාරී කරන අතර, ලොව පුරා සංචාරය කරමින් 120,000 කට වැඩි පිරිසකට මෙමගින් වෛද්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත. නවීන පහසුකම් වලින් යුත් ශල්‍යගාර, දැඩි සත්කාර ඒකක, විශේෂඥ වෛද්‍ය සේවාවන්, නේවාසික ප්‍රථිකාර ඒකක, CT පරිලෝකන යන්ත්‍ර (Computerized Tomography machine) ඇතුළු සියළුම වෛද්‍ය පහසුකම් මෙම නෞකාව සතුය. එමෙන්ම හදිසි අවස්ථාවකදී කඩිනමින් රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් ද නෞකාව සතුව පවතී.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ශිෂ්‍යයන් හට මෙම වෛද්‍ය නෞකාව නැරඹීමේ අවස්ථාව සළසා දීමට කටයුතු සූදානම් කර ඇත. මෙම නෞකාව අගොස්තු මස 09 වන දින නැවත කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments