චීනයේ ෂු කේ ෂෙන් නෞකාව කොළඹ වරායට
- 2019-11-15 12:14:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (14දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාව වරායට පැමිණිමෙන් අනතුරුව චීන නාවික හමුදාවේ සාගරික මිනුම් ඒකකයේ නියෝජ්‍ය ආඥාපති, ජ්‍යේෂ්ඨ කපිතාන් ජෑන් බොරැන් සහ නෞකාවේ අණදෙන නිලධාරීතුමා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවිය.
එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි සහ නෞකාවේ නිලධාරින් පිරිසක් ද සහභාගී විය.
දිගින් මීටර් 129 ක් වන ‘ෂු කේ ෂෙන්’ නෞකාව ටොන් 4900 ක ධාරිතාවයකින් යුක්ත වේ. තවද, එය නිලධාරීන් සහ නාවිකයන් 150 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. දින 06 ක නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතය.
ඒ අනුව සංචාරය නිමා කිරීමෙන් අනතුරුව 2019 නොවැම්බර් 19 වන දින ‘ෂු කේ ෂෙන්’ නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.



Reply To:
Name - Reply Comment
0 Comments