චීන අක්ෂර කලා ප්‍රදර්ශනයක් කොළඹදී
- 2018-09-19 13:04:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා වසර 69ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන චීන අක්ෂර දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය කොළඹ 07 ජේ.ඩී.ඒ. පෙරේරා ශාලාවේදී අද (19දා) මහජනතාවට විවෘත කෙරිණ
චීනයේ දෘෂ්‍ය අක්ෂර කලාවට ප්‍රසිද්ධ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද විශේෂ නිර්මාණ 51ක් මෙහිදී ප්‍රදර්ශනය කර තිබේ. චීන චිත්‍ර ශිල්පීන් විසින් ප්‍රායෝගිකව චීන දෘෂ්‍ය අක්ෂර කලා නිර්මාණය කරන අයුරුද මෙහිදී දැකගැනීමට අවස්ථාව තිබේ.
ප්‍රදර්ශනය 21 දා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා ඇතුළුවිම සම්පූර්ණයෙන්ම නොමිලයේ වෙයි. ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතාව සමංගමය සමග චීන ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය මෙම ප්‍රදර්ශනය සංවිධානය කරයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇමෙරිකාන් සක්ලර් පදනම සම අනුග්‍රහය දක්වයි.
මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ කොන්සල් පැන් වුන්ෂු මහත්මිය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, දෘෂ්‍ය කලා හා ප්‍රාසාංගික කලා විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සරත් චන්ද්‍රජීව, චීන ජාත්‍යන්තර සංස්කෘති මධ්‍යස්ථානයේ මහ ලේකම් ෂියු හෝග්හායි, ශ්‍රී ලංකා චීන සමාර හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේරක, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති නලින් අපෝන්සු යන මහත්වරුන් මේ සඳහා එක්වූහ.
මෙහිදී දෙරටේ කලා ක්ෂේත්‍රයේ හුවමාරුවන් වෙනුවෙන් ගිවිසුමක්ද අත්සන් තැබිණ.
ඡායාරූප ශමීර රාජපක්ෂ


















Reply To:
Name - Reply Comment
0 Comments