චීන ජනතාව සමග සිටිනවා - කාදිනල් හිමි
- 2020-02-17 15:33:40
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝවිඩ් 19 වසංගතයෙන් චීනයත් සමස්ත ලෝකයත් ආරක්ෂා වේවා යැයි ප්‍රාර්ථනා කරමින් විදේශ දේව මෙහෙයක් කොළඹ කොච්චිකඩේ පල්ලියේදී අඟරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙය සංවිධානය කළේය. අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලන්සා මෙන්ම චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
දේව මෙහෙයට එක් වූ අගරදගුරු හිමිපානණන්“ලෝකයේ ජනගහනයෙන් පහෙන් එකක් චීන ජාතිකයන්. ඔවුන්ගේ සභ්‍යත්වය සංස්කෘතිය ලෝකය පෝසත් කරන්න දායක වෙලා තිබෙනවා. චීන සංස්කෘතිය ක්‍රිස්තු පුර්ව අටවැනි ශතවර්ශය දක්වා විහිද යනවා. මේ ජනතාව සංස්කෘතික වශයෙන් දියුණු වුණා. විවිධාකාර රාජ පරම්පරා හරහා සංස්කෘතික වශයෙන් විද්‍යාත්මක වශයෙන් දැනුම ඇතින් නොයෙකුත් සෙයා ගැනීම් අතින් චීන සංස්කෘතිය ඉදිරියට ගියා. 1949 දී මාඕ සේතුන් යටතේ රට ඉදිරියට ඇවිත් අද ලෝකයේ බලවත් රටක් බවට පත්වෙලා තිබෙනවා. එහි ආර්ථිකය අද ලෝක ආර්ථිකය මෙහෙයවන තත්ත්වයට පත්වෙලා තිබෙනවා.
ඒ නිසාව ශ්‍රී ලංකාව ඉතාමත්ම පැරණි කාලයක සිට චීන රජය සමග කිට්ටු සබඳතා පවත්වා තිබෙනවා. 1954 රබර් - සහල් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අපේ රටවල් දෙක අතර සමීප සබඳතා ආරම්භ වුණා. වෙනත් රටවල් මිත්‍ර නොවන තත්ත්වයක අපේ නායකයන් තීරණය කළා චීනය සමග සමීප සබඳතා ආරම්භ කළා. මේ හරහා චීනය රජය සමගත් චීන ජනතාව සමගත් අපේ කිට්ටු සබඳතාව පෙනී තිබෙනවා. ඒ කිට්ටු සබඳතාව තුළ ඔවුන්ට සිදුවෙලා තිබෙන මේ ව්‍යවසනයේදී අපි ඔවුන් සමග සිටිනවා.
අපි ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා. ස්වාමීන් වහන්ස ඔවුන්ට ඉක්මන් සුවය ලබා දෙන්න. ස්වාමීන් වහන්ස චීන රජය ගෙන යන මේ වැඩපිළිවෙළ තුළ මේ වසංගතය ජය ගැනීමට ඔවුන් ශක්තිමත් කරන්න. චීන ජනතාව අත්විදින මේ වේදනාවේදී අපි ඔවුන් සමග සිටින බව, ඔවුන් වෙනුවෙන් යාඥා කරන බව, ඔවුන්ට සුවය දෙන්න කියලා අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.
මේ වසංගතය ලොවෙන් අතුගා දාන්න සහාය දෙන්න.
මේ වගේ විශාල අසනීප තත්ත්වයන් ලෝකේ පුරා යන විට අපි කල්පනා කරන්න ඕන ඇයි මේ වගේ දේවල් වෙන්නේ කියලා. ඒ වගේ දේවල් වෙන්නේ ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් වෙන්නේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මැවිල්ල සමග සෙල්ලම් කරන නිසයි. අපේ පෘතුවිතලය ආරක්ෂා කරන්නට කටයුතු කරන්නට ඕන. ඕසෝන් ස්ථරය සිදුරු නිසා අයිස් කඳු දියවෙලා ලෝකයම උණුසුම් වෙන වාතාවරණයක් තුළ, මනුස්‍යයා ප්‍රගමනය සඳහා ඉදිරියට යෑමේදී ස්වාභාව ධර්මයට කරන හානිය තුළ විශාල විනාශයන් ලෝකයට වෙන්න පුළුවන්.
අපේ වගකීමක් තිබෙනවා පෘතුවිය ආරක්ෂා කිරීමට. ශ්‍රී ලංකාවේ අපේ වන භූමි ප්‍රදේශය අද
16%ට බැහලා තිබෙන්නේ. අපි ස්වාභාව ධර්මය ආරක්ෂා කළ යුතුයි. එහෙම කළොත් අපිට ජීවත් වෙන්නට හැකි වාතාවරණයක් අනාගතයේදී නැති වෙන්නට පුළුවන්. නායකයන් තම තමන් ගැන නොසිතා මුළු විශ්වයම ගැන හිතලා කටයුතු කළොත් මේ වගේ ව්‍යවවසන්ට අපි ගොදුරු නොවේවි. සෑම දෙයකටම වඩා වටින්නේ මනුෂ්‍ය ජීවිතයයි.
ස්වාභාව ධර්මය ආරක්ෂා වුණොත් මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා වෙනවා. අපි ස්වාභාව ධර්මය ආරක්ෂා කරන්නට කටයුතු කළ යුතුයි. ඒ පිළිබඳව අපේ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නට මෙය අවස්ථාවක් කර ගන්නවා” යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවැසුහ.
	
 
 
 
 
 
 
Reply To:
Name - Reply Comment
0 Comments