Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බීජිං (ෂින්හුවා) - COVID-19 වසංගතයට එරෙහිව චීනය ගෙන යන සටනට සහයෝගය දැක්වීම පිළිබඳව සිය කෘතවේදීතාව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින් පිංගේ බිරිඳ පෙන්ග් ලියුආන් ශ්‍රී ලංකාවේ බාලිකා පාසලක සිසුවියන් පිරිසකට පිළිතුරු ලිපියක් එවා තිබේ. 

චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට දායක වීමට ඔවුන්ව දිරිමත් කරමින් චීන ජනපතිවරයාගේ බිරිඳ මෙම ලිපිය යොමුකර ඇත්තේ කොළඹ දේවි බාළිකා විදුහලේ සිසුවියන් පිරිසකටය.

චීනය ගෙන යන සටනට සහාය පළකරමින් දේවි බාළිකා විදුහලේ සිසුවියන් පිරිසක් චීන ජනපති ආර්යාව වෙත සිතුවම් හා ලිපියක් යොමුකර තිබුණි. එම සිතුවම් හා ලිපි තමන්ට ලැබුණ බව චීන ජනපති ආර්යාව සිය ලිපියෙන් දන්වා තිබේ.

සිතුවම් ආදරයෙන් පිරී ඇති අනර්ඝ  සිතුවම් බවත් එර්වා චීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ අවංක මිත්‍රත්වය පෙන්නුම් කරන බව පෙන්ග් පවසයි.

මෙම සිතුවම් සඳහා ජනාධිපති ෂී සහ තමන් දැඩි රුචිකත්වයක් දක්වන බවත් ඇය පෙන්වා දුන්නාය. කෝවිඩ් වසංගතයට එරෙහි සටනේදී, ශ්‍රී ලංකාවේ සෑම තරාතිරමකම ජනතාව චීනයට ආශිර්වාද කිරීමට හා සුබ පැතුම් එක්කිරිමට කටයුතු කළ බව ඇය සිය ලිපියෙන් පෙන්වා දෙයි.   

මේ වන විට චීනය සිය ජනතාව සමග එකාවන්න වසංගතයට එරෙහිව සටන් කිරීමට උපරිම උත්සාහයක් දරමින් සිටින බවත් වැළැක්වීමේ සහ පාලනය කිරීමේ උත්සාහයන් ධනාත්මක ප්‍රතිඵල ලබාගෙන ඇති බවත් ඇය පවසන්නීය.

 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා චීනයට විශ්වාසය ඇති බවත් ඇය පවසයි.

චීනය-ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයට දීර්ඝ ඉතිහාසයක් ඇති බවත්  ශ්‍රී ලංකා සිසු සිසුවියන් වෙහෙස මහන්සි වී ඉගෙනමින් ද්විපාර්ශ්වික මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ තානාපතිවරුන් බවට පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පෙන්ග් පැවසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.