Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොවිඩ් 19 ආසාදනයෙන් බැට කෑ චීනයට සහාය දක්වමින් චීන ජනපති ආර්යා පෙංග් ලියුආන් මහත්මිය වෙත කොළඹ දේවි බාළිකා විදුහලේ සිසුවියන් පිරිසක් යොමුකළ ලිපියට හා චිත්‍ර සඳහා ඇයගේ පිළිතුරු ලිපිය චීන තානාපති කාර්යාලයේ සබඳතා ප්‍රධානී හු වෙයි මහතා විසින් දේවි බාළිකා විදුහලේ සිසුවියන් වෙත භාර දුන්නේය.

චීන ජනාධිපති ෂී ජින් පිං සහ ජනාධිපති ආර්යාවගේ අවංක ඇගයීම් හා සුබ පැතුම් පණිවුඩය මෙහිදි හූ වෙයි මහතා විසින් විදුහලේ සිසුන්ට ඉදිරිපත් කළ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළේය.

“ඔබේ හද උණුසුම් කරන ලිපි සහ සිතුවම් ශ්‍රී ලාංකික ජනතාවගේ ගැඹුරු මිත්‍රත්වය නියෝජනය කරනවා. ජනාධිපති ආර්යා ලිපියේ සඳහන් කර ඇති ආකාරයටම, ඔබ සෑම මිනිත්තුවකම දැඩි ලෙස මහන්සි අධ්‍යයනය කර ඔබ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ තරුණ නියෝජිතයන් බවට පත්වනු ඇතැයි අපි විශ්වාස කරනවා”

සිසුන්ගේ ලිපියට හා චිත්‍ර සඳහා කෙටි කාලයක් තුළ චීනජනාධිපති ආර්යාව පිළිතුරු ලබාදීමෙන්ම ඒ පසුපස ඇති අවංක හැඟීම පෙන්වන බව මේ පිළිබඳව අදහස් දැක්වූ සමරසිංහ මහත්මිය පැවැසීය.

13 ජයනි නවෝඩා සිසුවිය (චීන නම ම ෂැං ලී) මෙහිදී දක්ෂ ලෙස මැන්ඩරින් භාෂාවෙන් කතා කරමින්, “චීනය ලංකාවේ හොඳ මිතුරෙක් බව මම කුඩා කාලයේ සිටම දන්නවා.මම වසර දෙකක් චීන භාෂාව ඉගෙන ගත්තා. මම බීජිං, යුනාන් සහ චීනයේ වෙනත් ස්ථානවලට ගොස් තිබෙනවා. චීනයේ COVID-19 වෛරසය ගැන දැනගත් පසු, අපි කනස්සල්ලට පත්වුණා. ඒ නිසා අපි චීනයේ ජනාධිපති ආර්යාවට ලිපියක් හා සිතුවම් යවා චීන ජනතාවට අපගේ සහයෝගය පෙන්වූවා.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ සුබ පැතුම්ද සමගින් අපි ඉතාමත් ඉක්මනින් පිළිතුරු ලිපියක් බලාපොරොත්තු වුණේ නෑ. මම ඉගෙන ගෙන විදේශ සේවයට බැඳී ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවා. යම් දවසක බීජිං හෝ කොළඹදී ජනාධිපති ආර්යාවට අපේ ජයග්‍රහණය හා ප්‍රගතිය පෙන්වීමට මම ප්‍රාර්ථනා කරමි.”

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.