Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ‍්‍රී ලංකාව හා චීනය අතර පැවති අතීත සබඳතා පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්‍ෂි හෙළිකර ගැනීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල හා මහජන චීන සමූහාණ්ඩුව ඒකාබද්ධව යාපනය කයිට්ස් දූපතේ අල්ලෙයිපිඞ්ඩි ප‍්‍රදේශයේ පුරා විද්‍යාත්මක කැණීම් කටයුතු ආරම්භ කොට ඇත.

මෙම පුරාවිද්‍යාත්මක වැඩසටහන සඳහා චීනයේ ෂැංහයි කෞතුකාගාරයේ පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් මෙරටට පැමිණ සිටින අතර ඔවුන් සමග මධ්‍යම සංස්කෘතික අරමුදල, යාපනය විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා අධ්‍යයන අංශය ඇතුළු ශ‍්‍රී ලාංකේය පුරා විද්‍යාඥයෝ රැසක් සහභාගී වී සිටිති.

දින 45 ක කාලයක් පුරා පැවැත්වෙන මෙම පුරාවිද්‍යාත්මක කැණීම් කටයුතුවල දී චීන සම්භවයක් සහිත සෙරමික් බඳුන් විශාල ප‍්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ඒවායේ කාලනීර්ණ කටයුතු සහ රසායනික සංරක්‍ෂණ කටයුතු මේවන විට සිදුවෙමින් පවතී.

 මීට පෙර 1975 වසරේ දී ජෝන් කාස්වෙල් නැමැති පර්යේෂකයා විසින් මෙම ප‍්‍රදේශයේ කැණීම් කටයුතු සිදුකර ඇති අතර එහි අරමුණ වූයේ 12 වන සියවසේදී කයිට්ස් දූපත ආශ‍්‍රිතව මුහුදු බත් වූ චීන මැටි බඳුන් සහිත නෞකාවක් පිළිබඳ සාධක හෙළිකර ගැනීම සඳහාය.

නැවත එම ස්ථානයේ කැණීමක් සිදුකොට අතීතයේ සේද මාවත ඔස්සේ ලංකාව හාචීනය සමග සිදුකළ ආර්ථික, සමාජීය, ආගමික හා දේශපාලනික සබඳතා පිළිබඳව අධ්‍යයනය කිරීමමෙහි එක් අරමුණක් වන අතර, අතීතයේ දී ඌරාතොට ලෙස මූලාශ‍්‍රයන්හි දැක්වෙන වරාය පිහිටියේ මේ ආශ‍්‍රිතව ද යන පර්යේෂණ කොට තහවුරු කරගැනීමත්, සමස්ත කයිට්ස් දූපත පුරාවිද්‍යාත්මක ගවේෂණයකට ලක්කිරීම ද අරමුණු වී ඇත.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාගේඋපදේශකත්වය මත මධ්‍යම සංස්කෘතික අරමුදලේඅ අධ්‍යක්‍ෂ ජනරාල් ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන්, චීන රජයේ මූල්‍ය ප‍්‍රතිපාදන මත මෙම පුරා විද්‍යා වැඩසටහන ක‍්‍රියාවට නැංවේ(wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.