චීන ෂාඔලින් සංදර්ශනක් ලංකාවේදී
- 2017-12-07 10:28:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය ත්‍රාත්තික සබඳතා ආරම්භ කර වසර 60ක් සපිරීමත්, චීනය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ රබර් - සහල් ගිවිසුමට වසර 65ක් සපරීමත් නිමෙත්නෙත් පැවැත්වූ වැඩසටහන් මාලාවේ අවසන් අංගය ලෙස චීන ෂාඔලින් කුන්ෆු සංදර්ශන මාලාවක් ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැත්වෙන මෙම ෂාඔලින් කුන්ෆු සංදර්ශන මාලාව ඉදිරිපත් කිරීමට චීන ෂාඔලින් කුංෆු සටන් කණ්ඩායමක් පැමිණෙන අතර එයට 25 දෙනෙක් ඇතුළත් වෙයි.
මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී ඊයේ (6දා) පැවැත්විණ.
කොළඹ චීන තානාපති කාර්යාලය, චීන සංස්කෘතික අමාත්‍යාංශය සහ චීනයේ හැනන් පළාත් ආණ්ඩුවේ අනුග්‍රහාය ඇතිව චීන ශ්‍රී ලංකා සමාජ සහ සංස්කෘතික සහයෝගීතාව සඳහා වූ සංවිධානය, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංවිධානය, ශ්‍රී ලංකා චීන සමාජය සහ ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව මෙම ‘චීන ෂාඔලින් කුන්ෆු සංදර්ශන’ මාලාව සංවිධානය කරයි.
චීනයේ ‘සොන්ග්ෂාන් ෂාඔලින් වීර ස්වාමීන් වහන්සේලාගේ විහාර’ පුහුණු කඳවුරේ සටන් ශිල්පීන් සහ ‘ෂෙන්ග්ෂූ සොන්ග් ඇන්ඞ් ඩාන්ස් තියටර්’ සටන් සංදර්ශන සහ නර්තනාංග ඉදිරිපත් කිරීමට නියමිතය.
මහනුවර පළාත් ගෘහස්ත ක්‍රීඩාංගනයෙන් ලබන 12 වැනිදා සවස 5.30 ට පළමු සංදර්ශනය ද, 13 වැනිදා සවස 5ට පොළොන්නරුව පුලතිසි බෞද්ධ මණ්ඩපයේදී දෙවැනි සංදර්ශනය ද පැවැත්වේ. ලබන 15 වැනිදා තෙවැනි සංදර්ශනය හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ද සිව්වැනි ප්‍රදර්ශනය 17 වැනිදා උදෑස 10ට විහාරමහදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම ප්‍රදර්ශන සියල්ලම මහජනතාවට කිසිදු මුදල් ගෙවීමකින් තොරව නැරඹීමේ හැකියාව ඇත. ආරාධිතයන් සඳහා පැවැත්වෙන සංදර්ශනය 17 වැනිදා සවස 6.30ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙයි.
සංදර්ශනයට එක්වීම සඳහා ෂාඔලින් කණ්ඩායම ලබන 11දා දිවයිනට පැමිණිමට නියමිත ය. මෙම සෑම සංදර්ශනයක්ස විනාඩි 90ක කාලයක් පැවැත්වෙයි.
කොළඹ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ අධ්‍යක්ෂ ලියු ඩොන්ග්, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ සභාපති ආනන්ද ගුණතිලක, ශ්‍රී ලංකා චීන සමාජ සහ සංස්කෘතික සහයෝගීතාව සඳහා වූ සංවිධානයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර, ශ්‍රී ලංකා චීන සමාජයේ සභාපති අමරදාස ගුණවර්ධන සහ ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නලින් අපොන්සු යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments