ජනපති ජපාන අධිරාජ්‍යයා හමුවෙයි
- 2018-03-13 11:45:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දීර්ඝ කාලයක් පුරා පවතින ජපාන - ශ‍්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අධිරාජ්‍යයා වන අකිහිතෝ අධිරාජ්‍යයා අතර හමුව අද (13දා) සිදුවිය.
ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජිණ විසින් ඉතා උණුසුම් හා සුහදශීලී ලෙස පිළිගනු ලැබීය.
අනතුරුව නායක දෙපොළ සුහද කතාබහක නිරත වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැමිණීම පිළිබඳ සිය සතුට පළකළ ජපාන අධිරාජ්‍යයා දෙරට අතර අතීතයේ සිට පවතින ශක්තිමත් සබඳතා මෙම සංචාරය තුළින් තවදුරටත් තහවුරුවනු ඇති බවද කියා සිටියේය.
මෙහිදී ජපානයේ රාජ්‍ය සංචාරයක් සඳහා තමාට ආරාධනා කිරීම පිළිබඳ ජපන්අධිරාජ්‍යයා වෙත සිය ස්තුතිය පළකළ ජනාධිපතිවරයා දෙරට අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීම තම අපේක්ෂාව බවද සඳහන් කළේය.
1981 වසරේදී පමණ තමා ශ‍්‍රී ලංකාවේ සිදුකළ සංචාරය පිළිබඳවද මෙහිදී සිහිපත් කළ ජපාන අධිරාජ්‍යයා එම සංචාරයේදී මහනුවර ඓතිහාසික දළදා මන්දිරය වැඳපුදා ගැනීමට තමාට අවස්ථාව ලැබුණු බවද පැවසීය. එමෙන්ම එම සංචාරයේදී ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ලැබුණු ඉහළ පිළිගැනීමද ජපන්අධිරාජ්‍යයා ගෞරවයෙන් සිහිපත් කළේය.
ජපානය ස්වභාවික ආපදාවන්ට මුහුණදුන් අවස්ථාවලදී ශ‍්‍රී ලංකාව සැබෑ මිත‍්‍රයෙක් ලෙස හැකි පමණින් ජපානයට දැක් වූ සහාය කෘතවේදීව සිහිපත් කළ ජපාන අධිරාජ්‍යයා ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහාය ලබාදීමට සූදානම් බවද ප‍්‍රකාශ කළේය. මෙම හමුවෙන් අනතුරුව ඉම්පීරියල් මන්දිරයේ අසිරිය නැරඹීමටද ජනාධිපතිවරයා සහ අකිහිතෝ අධිරාජ්‍යයා එක්විය.
Reply To:
Name - Reply Comment
0 Comments