ජනපති රුව ප්‍රදර්ශනයෙන් වළකින්නැයි ඉල්ලීමක්
- 2020-03-01 10:36:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද ඔහුගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.
ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර (Portrait) සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනයත් සිදුවන බව නිරීක්ෂණය කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ කිරීමෙන් වැළකීම මැනවැයි පවසයි. පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය තමා අගය නොකරන බව එතුමා කියා සිටී
Reply To:
Name - Reply Comment
0 Comments