Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නවීන සමාජයේ බහුලව දක්නට ලැබෙන සංසිද්ධියක් වන තොරතුරු අධික වීම නිසා මතුවන සංකීර්ණ අභියෝග වලට මුහුණ දීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එහි පුස්තකාලය ස්වයංක්‍රීයකරණය කරන ලදි. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණික සහයෝගීතාවය සහිතව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර, ජාතික විද්‍යා පදනම සමග එක්ව දෙපාර්තමේන්තු විසින් දුර්ලභ හා වටිනා පොත්පත් ගණනාවක් ඩිජිටල් එකතුවක් ලෙස ස්ථාපනය කර තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ශිෂ්‍යයින්, පර්යේෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා ජාත්‍යන්තර නියෝජිතායතන දක්වා වූ පුළුල් පරාසයකට අයත් වන දත්ත පරිශීලකයින්ට සමාජ ආර්ථික හා ප්‍රජාවිද්‍යාත්මක සංඛ්‍යාති සපයනු ලබයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පුස්තකාලය සමීක්‍ෂණ ක්‍රමවේදය, ජාතික ගිණුම්, ප්‍රජා විද්‍යාව, ජනගහණය, දරිද්‍රතාවය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, මිළ ගණන් සහ උද්ධමනය, ආදායම් සහ වියදම්, ශ්‍රම බලකාය, කර්මාන්ත, වෙළඳාම. සංවර්ධන මිණුම් දර්ශක, වැනි විෂය කරුණු ගණනාවක් ආවරණය වන පොත්පත් විශාල සංඛ්‍යාවකින් සමන්විත විශේෂිත පුස්තකාලයකි.

නවීන තොරතුරු සන්නිවේදන තාක්‍ෂණික මෙවලම් ප්‍රයෝජනයට ගනිමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු විසින් දියත් කරන ලද ඩිජිටල් තොරතුරු සමුදාය සහ මාර්ගගත පුස්තකාල සුචිය මඟින් දෙපාර්තමේන්තුවේ සහ වෙනත් රාජ්‍ය ආයතන වල නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින්, විද්‍යාර්ථීන් සහ පොදු මහජනතාවට සැපයෙන සේවාවන් පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. මෙම ව්‍යාපෘතිය යටතේ ආසියානු කළාපයේ පළමු වරට පවත්වන ලද “1871 සංගණන වාර්තාව” වැනි ඉතා වටිනා සහ දුර්ලභ පොත්පත් 400 කට අධික සංඛ්‍යාවක් මෘදු (ඩිජිටල්) පිටපත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඩිජිටල් පුස්තකාල එකතුවට එකතු කර තිබේ. වෙබි අඩවිය වෙත පිවිසීම මඟින් එම පොත් පත් බාගත කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.