ජපානයේ රන් දිනූ පාරමී ජනපතිගේ අවධානයට
- 2018-06-26 16:07:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් පාරමි වසන්ති මාරිස්ටෙලා ක්‍රඩිකාවගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මූල්‍ය පරිත්‍යාගයක් කර තිබේ.
ඇයගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීම අද (26දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය ආර්ථීක අපහසුතා රැසක් මැද සිය කටයුතු කරගෙන යන අතර, ධීවර කර්මාන්තයේ නිරතවන ඇයගේ පියාගේ එම ජීවනෝපායමාර්ග වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් මෙන්ම පවුලේ ඉදිරි සුබසාධන කටයුතු වෙනුවෙන් ඉදිරියේදී ද සහය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජපානයේ ගිෆු නගරයේ පැවති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 3000 බාධක දිවීමේ තරගයෙන් රන් පදක්කමක් දිනා ගැනීම, 2016-06-13 වන දින රුසියාවේ පැවති ආසියානු ළමා ක්‍රීඩා තරගාවලියේ මීටර් 2000 බාධක දිවීමේ තරගයෙන් රිදී පදක්කමක් දිනා ගැනීම 2017 වසරේ ඩුබායිහි පැවති 18 න් පහළ රගර් තරගාවලිය නියෝජනය කිරීම ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් පාරමි වසන්ති මාරිස්ටෙලා දැරිය විසින් රටට දිනා දී ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments