ජපාන යුද නෞකා දෙකක් කොළඹ වරායට පැමිණෙයි
- 2017-07-20 15:45:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් (JMSDF) ඉසුමෝ සහ සසනමි නෞකා දෙක සුහද සංචාරයක් සඳහා අද (20දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා පිළිගන්නා ලදී.
මෙම නෞකාවන් අතරින්, ඉසුමෝ නෞකාව ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක හමුදාවේ ධජ නෞකාව මෙන්ම ඔවුන් සතු විශාලතම යුද නෞකාව වශයෙන්ද හැඳින්වෙයි. මෙම නෞකාව දිගින් මීටර් 248 ක් සහ පළලින් මීටර් 38කින් යුත්ත වන අතර, එහි 970 දෙනෙකුගෙන් සමන්විත නැව්මුළුවක්ද වේ.
තවද, සසනමි නෞකාව දිගින් මීටර් 151 ක් සහ පළලින් මීටර් 17.4කින් යුත්ත වන අතර, එහි නැව්මුළුව 175කින් සමන්විත වේ.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලසීමාව තුළදී, විවිධ වැඩසටහන්වලට එක්වීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments