Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ථෙරවාද බුදු දහම ලෝකයටම බෙදා හරින ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ කාම්බෝජය එක්ව කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කාම්බෝජයේ අග නගරය වන නොම් පෙන්හි පිහිටි වට් ලංකා  විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලට එක්වෙමිනි. 

කාම්බෝජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කරන බවත් එතෙක් එම කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් කාම්බෝජයේ ශ්‍රී ලංකා කොන්සල්වරයෙක් සහ ශ්‍රී ලංකාවේ කාම්බෝජ කොන්සල්වරයෙක් පත්කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය. 

ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර ආයෝජන සහ වෙළෙඳ කටයුතු පුළුල් කර ගැනීමට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කාම්බෝජ අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළ බවත් ය. 

ශ්‍රී ලංකාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් මෙන්ම කාම්බෝජ බෞද්ධ ජනතාවට වැදුම් පිදුම් කිරීමට ශ්‍රී ලංකාවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශාරිරික ධාතුන් වහන්සේලා ද එරටට වැඩම කරවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ ද අනුශාසනා පරිදි ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන විහාරස්ථානයට සංඝ පරම්පරාවෙන් හිමිව තිබෙන සර්වඥ ධාතුන් වහන්සේ නමක් මෙන්ම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් කාම්බෝජයට වැඩම කරවීමට ජනාධිපතිවරයා සංචාරයට සමගාමීව කටයුතු කෙරිනි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.