ජල බෝතල්වල වර්ණය වෙනස් කිරීමට යයි
- 2019-01-23 14:09:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැනට භාවිතා කරන පානීය ජල බෝතල් වල නිල් පැහැති වර්ණය සුදු පැහැ ගැන්වීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ නිට්ටඹුව ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ (22) පැවැති ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කණ්ඩායම් භාරව සිටින පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අමතමින්.
“පානීය ජල බෝතලයක් දෙපාරක් පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. ඒකට හේතුව වෙලා තියෙන්නේ පානීය ජල බෝතලය නිල් පාට වීමයි. මිනිස්සුන්ගේ ආකර්ශනය දිනා ගන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ජලය අවර්ණයි කියලා පෙන්නන්න.
නමුත් මේක ප්‍රතිචක්‍රීයකරන්න බැරි නිසා අපි කාලයක් ගිහිල්ලා හරි මේ නිල් පාට වතුර බෝතල් නතර කරන්න පියවර ගන්නවා. ජල බෝතලයක කොටස් 05 ක් පරිසරයට මුදා හැරෙනවා. එකක් බෝතලය, අනික ලේබලය,බෝතලේ මූඩිය, මූඩීය වටා ඇති දවටනය සහ මූඩිය සීල් තැබීමට උපයෝගී කර ගන්නා ප්ලාස්ටික් රදවනය.
මේවා දිරන්න අවුරුදු 200 – 300 ක් යනවා. ගොඩබිමේ විතරක් නෙමෙයි මේවා මුහුදෙත් ගොඩක් තියෙනවා. මේවා ප්‍රතිචක්‍රීයකරණය කරලා කරන්න පුළුවන් එකම එක දෙයයි තියෙන්නේ. ඒ කොස්සේ කෙදි ටික හදන එක විතරයි.”
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments