Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

Vesak_Festival_20165

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ නිළ මාධ්‍ය ප්‍රචාරක වැඩසටහන ජනමාධ්‍ය හා බුද්ධශාසන ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 21 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇරඹේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල වෙනුවෙන් දින 75ක විශේෂ ප්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කරන ලෙස රාජ්‍ය හා සියලු පෞද්ගලික මාධ්‍ය නාලිකා ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි (දින 75) ඉලක්කගත නිල ප්‍රචාරක වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන හා පුද්ගලික මාධ්‍ය ආයතන දායක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නිදහසෙන් පසු වසර 69ක කාලපරිච්ඡේදය තුළ රටවල් 100කට ආසන්න බෞද්ධ හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් මහානායක හිමිවරුන්, සංඝරාජ හිමිවරුන්, ජාත්‍යන්තර බෞද්ධ නායකයින්, බෞද්ධ කටයුතු පිළිබඳ මැතිඇමතිවරුන්, රාජ්‍යත්‍රාන්ත්‍රිකයින් හා බෞද්ධ නියෝජිතයින් දහසකට අධික පිරිසක් සහභාගී වන පළමු ජාත්‍යන්තර බෞද්ධ උළෙල වශයෙන් 14 වෙනි එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම අතිශයින්ම වැදගත් වේ.

මෙවර එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් දින උළෙලේ ප්‍රධාන තේමාව  “Buddhist Teaching for Social Justice and Sustainable Peace” වේ.

බෞද්ධ ආර්ථිකය හා සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධනය ,ලෝක සාමය සඳහා බෞද්ධ සන්නිවේදකයන්ගේ එකමුතුව, බෞද්ධ අධ්‍යාපන වැදගත්කම, බෞද්ධ ඉගැන්වීම් හා සමාජ සාධාරණත්වය වැනි උප තේමා ඉලක්ක කර විද්වත් සංවාද වැඩසටහන් කිහියක්ද පැවැත්වීමට නියමිතය.

මෙම වැඩමුළු ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලවල බෞද්ධ දර්ශන පිළිබඳ මහාචාර්යවරුන් පිරිසක් විසින් මෙහෙයවන බවත් මේ සඳහා ශ්‍රී ලාංකීක බෞද්ධ විද්වතුන් පිරිසක්ද සහභාගීවන බව එක්සත් ජාතීන්ගේ  වෙසක් දින ලේකම් කාර්යාලය අවධාරණය කරයි.

14 වන එක්සත් ජාතින්ගේ වෙසක් දින උළෙල හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුවේ සමාරම්භක උළෙල 2017 මැයි මස 12 වන දින බණ්ඩාරණායක සම්න්ත්‍රණ ශාලාවේදී, ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමාගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහි දෙවන දිනය ප්‍රධාන තේමාව හා උප තේමා ඉලක්ක කරගෙන විද්වත් වැඩසටහන් පැවැත්වෙයි. මෙහි සමාප්ති උළෙල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මහමළුවේදි සිදු කෙරෙන බව එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ මෙම ජාත්‍යන්තර වෙසක් දින උළෙල වෙනුවෙන් නිල උත්සවය පැවැත්වෙන බණ්ඩාරනායක් සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය හා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථාන දෙකක් ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන්, රජයේ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන අතර ප්‍රධාන නිල උත්සවය හා සමාප්ති උළෙල ශ්‍රී ලංකා රූපවාහි සංස්ථාවේ මූලිකත්වයෙන් සජීවි රූපාවාහිනි ප්‍රචාරයක් ලබා දීමට නියමිතය.

මෙම ජාත්‍යන්තර වැඩසටහන ඉලක්ක කර ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ලෝක බෞද්ධ සන්නිවේදකයනිගේ වැඩමුළුවක්ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

14 වෙනි එක්සත් ජාතින්ගේ වෙසක් දින උළෙල සාර්ථකව සංවිධානය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධශාසන අමාත්‍යංශය, සංස්කෘතික අමාත්‍යංශය, ජනමාධ්‍ය අමාත්‍යංශය, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ, විදේශ කටයුතු අමාතංශය, ශ්‍රී දළදා මාළිගාවේ දායකත්වයෙන් සිදු කෙරෙන බව එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසයි.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.