Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නොවැම්බර් 28දා සිට දෙසැම්බර් 03දා දක්වා කාලයක් ජාතික ආහාර සුරක්ෂිතතා සතියක් ක‍්‍රීයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.  දිවයිනේ සියලු ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ආහාර සුරක්ෂිතතා සතිය තුළ පාසල් ආපන ශාලා, දුරගමන් බස්රථ නවත්වන ස්ථානයන් හි ආපනශාලා, සේවා ස්ථානවල ආපනශාලා මෙන් ම පැණිබීම සඳහා ක්‍රියාත්මක වර්ණ සංකේත ක්‍රමය පරීක්ෂා කිරීම සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ( 23) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. මෙම සතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය මේ වන විට සියලුම පළාත් හා ප්‍රාදේශීය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, මහනගර සභා, නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත නිකුත් කර ඇති අතර මෙම කාලයේ දී වන සියලු පරීක්ෂා කිරීම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙනු ඇත. 

ආපනශාලා පරීක්ෂා කිරීමේ දී නීතිරීතිවලට පටහැනිව ක්‍රියාකොට ඇති ආපනශාලා හිමිකරුවන් සසහ වෙළෙඳුන්ට මෙන් ම නිෂ්පාදකයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ද නියමිතය.  එමෙන්ම මෙම ස්ථානවල සනීපාරක්ෂක කටයුතු පිළිබඳවත්, පාසල් ආපන ශාලා ප‍්‍රතිපත්තියට අනුකූලව පවත්වාගෙන යනු ලබනවා ද සහ පාසල් අවට ආපන ශාලාවල ආහාර සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කිරිම පිළිබදව ද  අවධානය යොමු කරන ලෙස දන්වමින් සියලු ම පළාත් සහ ප‍්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, නගර සභා සහ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන් වෙත උපදෙස් ලබාදෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් නිකුත් කළ විශේෂ චක‍්‍ර ලේඛය මගින් දැනුම් දී ඇත.(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.