ජාතික කලා නිකේතනයක් කුණ්ඩසාලේට
- 2018-05-31 13:36:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කලාකරුවන්ගේ ප්‍රයෝජනය සදහා මහනුවර කුණ්ඩසාලේ ඉදි කෙරුනු ජාතික කලා නිකේතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් (02) දින ප.ව. 2.00 ට ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබේ. මිලියන 465 ක මුදලක් වැය කොට ඉදි කර ඇති මෙම ජාතික කලා නිකේතනය තුළ සියයකට අධික පිරිසකට නවාතැන් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා තිබේ. සම්පත් දායකයන්ටද නවාතැන් පහසුකම් සපයා ඇති අතර, සංස්කෘතිය සහ කලාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම වැඩමුළු සහ පාඨමාලා සදහා මෙම කලා නිකේතනය භාවිත කළ හැකිය.
එළිමහන් රංග ශාලාවක් සහ පෙරහුරු ශාලා දෙකකින්ද සමන්විතවන මෙම ජාතික කලා නිකේතනය අක්කර පහක භූමි භාගයක ස්ථාපිත කොට ඇත. ලංකාවේ ඉදි වූ ජාතික මට්ටමේ එකම කලා නිකේතනය ලෙසද මෙය හැදින්විය හැකිය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන මෙම ජාතික කලා නිකේතනය පාසල් හැර ගිය තරුණ තරුණියන් සහ කලාකරුවන් වෙනුවෙන් පුහුණු පාඨමාලා පැවැත්වීමට යොදා ගැනීමටද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සැළසුම් කොට තිබේ. ජාතික කලා නිකේතනය ජනතා අයිතියට පැවරීමේ මෙම අවස්ථාව සදහා උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී වීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments