ජාතික ගණිත හා ඔලිම්පියාඩ් තරග ජයග්‍රාහකයෝ ඇගයෙති
- 2016-11-08 18:32:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ සහ සමස්ත ලංකා පාසල් ගණිත තරගාවලියේ ජයග්‍රහණය කළ සිසු සිසුවියන් 500ට ආසන්න පිරිසක් සඳහා ඇගයීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයේ පසුගියදා අමාත්‍යාංශයේ සිදුවිය.
කලාප හා පළාත් මට්ටමින් ප්‍රථම ස්ථාන ලබා ජාතික මට්ටමේ තරගාවලියේ දී ජයග්‍රහණ ලැබූ සිසු සිසුවියන්ට පදක්කම්, කුසලාන සහ සහතිකපත් මෙහිදි ප්‍රධානය කළේය.
ගණිත දැනුම දැනුම මිනුම තරගාවලිය යටතේ රන් පදක්කම් 25 ක්, රිදී පදක්කම් 9 ක් හා ලෝකඩ පදක්කම් 17 ක් හා කුසලතා සහතික 17 ක් පිරිනැමීය. ගණිත නාට්‍ය තරගාවලිය යටතේ රන් පදක්කම් 89 ක්, රිදී පදක්කම් 84 ක් හා ලෝකඩ පදක්කම් 78 ක් හා කුසලතා සහතික 86 ක් පිරිනැමිණ. ගණිත ඔලිම්පියාඩ් තරගාවලිය යටතේ රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 19 ක් හා ලෝකඩ පදක්කම් 29 ක් හා කුසලතා සහතික 53 ක් පිරිනැමිණ.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments