Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එක ම ජාතික පාසලක වසර 10කට අධික කාලයක් සේවය කළ ගුරුවරුන් 12000ක පිරිසක් අතරින් 3000කට ආසන්න පිරිසක් හෙට සිට වෙනත් ජාතික පාසල් වෙත මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ ඇණහිට තිබූ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා දුන් උපදෙස් අනුව මෙම ස්ථාන මාරුවීම් ක්‍රියත්ක වෙයි.

මේ සඳහා අදාළ ලිපි අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට හෙට දිනයේ දී භාරදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක නිකුත් කරමින්  සඳහන් කරයි.

මෙහි දෙවැනි අදියර 2018 වසරේ ජනවාරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එහි දී 1 සිට 11 ශ්‍රේණි දක්වා වන ගුරුවරුන් 9000කට ස්ථාන මාරු ලබාදීමට නියමිතය.

ගුරුවරුන් මාරු කිරීමේදී ඇතැම් දුෂ්කර ප්‍රදේශවල ජාතික පාසලක් සමීපයේ තවත් ජාතික පාසලක් නොමැති අවස්ථාවලදී පළාත් සභා සමග ද ඒකාබද්ධව අදාළ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීමේ වැඩපිළිවෙළක් ද සකස් කිරීමට නියමිත බවද එම නිවේදනයේ දැක්වේ.

ජාතික පාසල් 353හි ගුරුවරුන් 37000කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඉන් 1/3ක්, එනම් 12000කට ආසන්න පිරිසක් වසර 10කට වඩා එකම පාසලක සේවය කර තිබීම විශේෂත්වයක් බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

නිරෝෂා ප්‍රියදර්ශනී


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.