ජාතික පාසල් ගුරුවන්ට විශේෂ වරප්‍රසාදයක්
- 2019-07-10 15:42:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනට වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට එම පාසලට ම තම දරුවන් ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (10දා) නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.
ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුළත් කරගැනීම ගැටළුවකින් තොරව සිදුකරගැනීමට අවකාශ සැලසීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ හරහා යහපත් මානසික තත්ත්වයකින් යුතුව තම ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යාමට ගුරුවරුන් පෙළඹෙනු ඇති බවත්, ඵලදායී සේවයක් ඔවුන්ගෙන් අධ්‍යාපන පද්ධතියට ලබාගැනීමට ඒ හරහා දිරිගැන්වීමක් ද ලැබෙන බවත් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ජාතික පාසල්වල 1,5 ,6 සහ 11 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමේ දී ගුරුවරුන් සඳහා වන මෙම විශේෂ තීරණය බලපැවැත්වෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments