ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු පිරවීම කඩිනමින්
- 2018-02-21 15:58:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුරප්පාඩු පවතින ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සඳහා හැකි ඉක්මනින් බඳවාගැනීම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකාවේ තිබෙන මුළු ජාතික පාසල් සංඛ්‍යාව 353ක් වන අතර, ඉන් පාසල් 121කට ස්ථිර විදුහල්පතිවරුන් පත්කර ඇති බවත්, පාසල් 232ක රාජකාරි ආවරණය කරන ශ්‍රේණිගත ගුරුවරුන් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ස්ථිර විදුහල්පතිවරුන් නොමැති ජාතික පාසල් සඳහා ස්ථිර විදුහල්පතිවරුන් පත්කිරීමට අයදුම්පත් කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා අදාළ ජාතික පාසල් ලේඛනය හා අනෙකුත් ලේඛන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත යවා ඇති බවද හෙතෙම පවසා සිටියේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments