ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු පිරවීමට පියවර
- 2019-07-29 11:47:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රාජ්‍ය සේවා කොමිසන් සභාවේ, අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි දිවයින පුරා පිහිටි පුරප්පාඩු වී ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරු සම්පූර්ණ කිරීම සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු රක තිබේ.
විදුහල්පති පුරප්පාඩු සහිත ජාතික පාසල් ලේඛනය, අයදුම්පත් කැඳවනු ලබන ජාතික පාසල් සඳහා සුදුසුකම්ලත් නිලධාරීන් පත් කිරීමට අදාළ සේවය, ශ්‍රේණිය, අයදුම්කිරීමට අදාළ සුදුසුකම්, ක්‍රමවේදය සමග අනෙකුත් සියලු ම තොරතුරු හා ආදර්ශ අයදුම්පත්‍රය 2019-07-31 දින www.moe.gov.lk දරන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකරන බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.
2016 වසරේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය වෙත විදුහල්පතිවරුන් 4000කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති අතර, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන පන්තියට තවත් නිලධාරීන් 1918ක් බඳවාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
Reply To:
Name - Reply Comment
0 Comments