Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කුලියාපිටිය සාරානාත් විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ. මේ හා සමගාමී ව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල, විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් මහා විද්‍යාලය, පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ අම්පාර උහන මහා විද්‍යාලය ද , ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය ද ජාතික පාසල් බවට පත්කිරීමට ද පියවර ගෙන ඇත.

පළාත් සභා යටතේ පවත්නා රජයේ පාසල් ජාතික පාසල් බවට පත් කිරීමේ දී සපුරාලිය යුතු නිර්ණායක පාදක කරගනිමින් මෙම පාසල් ජාතික පාසල් බවට පත්කර ඇත. ඒ අනුව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, සහ පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාවත්  අදාළ එක් එක් පාසල්වල  සේවයේ නියුතු සියලු ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලවල සාමාජිකයන්ගේ ද එකගතාවත් මත මෙම පාසල් ජාතික පාසල් බවට පත්කිරීමට කටයුතු යොදා තිබේ.

කිසියම්  හේතුවක් මත මෙම පාසල් ජාතික පාසලක් ලෙස මධ්‍යම රජයට පවරා ගැනීම සම්බන්ධ ව එකඟතාව පළ නොකරන අධ්‍යයන හා අනධ්‍යයන සාමාජිකයින් යම් පාසලක සිටී නම් ඔවුන් වසර 3ක සේවා කාලයකින් පසු පළාත් රාජ්‍ය ‍සේවයට මුදාහැරීමට  ද අවස්ථාව සලසා ඇත.

අලුතින් ජාතික පාසල් ලයිස්තුවට එක්වන මෙම පාසල් අටත් සමඟම දැනට ශ්‍රී ලංකාවේ පාසල් ජාලය තුළ පවත්නා ජාතික පාසල් සංඛ්‍යාව 370 ක් දක්වා ඉහළ නැංවෙයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.