ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වැඩිකරයි
- 2019-12-12 11:53:07
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දැනට පවතින ජාතික පාසල් සංඛ්‍යාව 374ක් බවත් ලංකාවේ ජාතික පාසල් පිහිටුවා ඇති ආකාරය සාධාරණ නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
ලංකාවේ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 330ක් පැවැතියත් එයින් ප්‍රාලේ කාර්යාල 124කට ජාතික පාසලක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රා ලේ කාර්යාලය 13ක් පැවැතියත් ජාතික පාසල් 37ක් පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
උතුරු පළාතේ ප්‍ර ලේ කාර්යාල 38ක් පැවැතියත් ජාතික පාසල් පවතින්නේ 26ක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව සළකා බැලීම සඳහා තාක්ෂණික කමිටුවක් පත්කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Reply To:
Name - Reply Comment
0 Comments