ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු 153 ක් සම්පූර්ණ කෙරේ
- 2020-02-27 12:29:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙරට පාසල් පද්ධතිය තුළ මේ වනවිට ජාතික පාසල් 373ක් පවතින අතර, එයින් පාසල් 278ක නියමිත ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් මෙතෙක් පත්කර නොතිබිණි.
ඒ අනුව ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අදාළ ව පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණ අනුව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ද අනුමැතිය ඇතිව විදුහල්පතිවරුන් 153ක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.
එක් එක් ජාතික පාසල්වල පවත්නා පුරප්පාඩු අනුව මෙම විදුහල්පතිවරුන් වෙත පාසල් ලබාදීමට කටයුතු කරන අතර, පසුගිය දා (25) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය සිදුකරන ලදී. පුරප්පාඩු පැවති ජාතික පාසල් 153කට ඒ අනුව ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත්කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments