ජාතික මදුරු මර්දන සතිය ඇරඹේ
- 2017-03-29 15:39:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අද (29දා) සිට අප්‍රේල් 04 දින දක්වා ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර ඇති හෙයින් සියලුම පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මදුරු උවදුර රට පුරා දරුණු වසංගතයක් වී ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික මදුරු මර්දන සතිය ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව සිසුන් හා දෙමාපියන්ගේ ශ්‍රම සහභාගිත්වයෙන් පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙසටත්, ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ සහයෝගය ලබාගන්නා ලෙසටත් සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත දැන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයට කටයුතු කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments