Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජල පෝෂක ප‍්‍රදේශ සංරක්ෂණය හා වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය හෙට (11දා) පෙ.ව. 10.00 ට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ  ප‍්‍රධානත්වයෙන් මහනුවර, දෙල්තොට, කන්දේතැන්න වැව් පරිශ‍්‍රයේදී පැවැත්වේ.

සොබාදහම රැකගැනීමේ සංකල්පය අනුව ජනාධිපති කාර්යාලය හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය එක්ව ක‍්‍රියාත්මක කරනු ලබන ‘පුනරුදය’ පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වන ජලපෝෂක ප‍්‍රදේශ රැකගැනීම හා වන ගහනය වර්ධනය කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කෙරේ.

වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන සංකේතවත් කරමින් පාසල් සිසුන් වෙත පලතුරු පැළ බෙදා දීම සහ පාංශු සංරක්ෂණ වැඩසටහන් සඳහා මූල්‍ය ප‍්‍රතිලාභ ලබාදීම ද ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරෙනු ඇත.

අඹ, පේර, දෙළුම්, දෙහි සහ බෙලි පැළ 3000 ක් ජනතාව අතර බෙදා දීමත් පැළ සිටුවීමට සහභාගි වන පාසල් දරුවන් සඳහා වනරෝපා හිස්වැසුමක් බැගින් සහ පරිසර තොරතුරු කට්ටලය බැගින් ලබාදීමට ද නියමිතය.

පරිසර විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන ක‍්‍රියාවට නැංවෙන අතර 2018 වසර වන විට ශ‍්‍රී ලංකාවේ වන ආවරණය 32% ක් දක්වා වැඩිකර ගැනීම මෙහි ඉලක්කගත අරමුණයි.

සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසය වනරෝපා ජාතික රුක් රෝපණ මාසය ලෙස නම් කර තිබේ. රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෞද්ගලික අංශයේද දායකත්වයෙන් ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට 31 වෙනි දින දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට සූදානම් කර ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.