Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2014/2016 අධ්‍යයන වර්ෂවල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා හදාරා අවසන් කළ ඩිප්ලෝමාධාරීන් 3736 දෙනෙකුට ගුරුපත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුන්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි රාධක්‍රිෂ්ණ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණ. 

‘අද මේ රටට දියුණු වෙන්නනම් පුහුණු, උපාධිය, ඩිප්ලෝමා ලැබුණු ගුරුවරු අවශ්‍යයයි .ගුරුවරු නැතිනම් මිනිස් සම්පත දියුණු කරන්න බැහැ. මිනිස් සම්පත් නැතිව රට දියුණු කරන්න බැහැ‘‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(20) අරලියගහ මන්දිරයේ පැවැති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සදහා ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයක දී පැවසීය.

‘‘ඒ වගේම අපේ රට ඉන්දියාවේ කේන්ද්‍රස්ථානය වෙන්න පුළුවන්, ධනවත් ආර්ථිකයක් ඇති රටක් පුළුවන් අධ්‍යාපනය තිබෙනවානම් පමණයි. එකම සම්පත මේ රටේ ජනතාව. ඒ නිසා ඒ සම්පතෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න ඔබ කටයුතු කළ යුතුයි‘‘ යැයි ද එහිදී අගමැතිවරයා කීවේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය විධිමත් කිරීමත්, ප්‍රමිතිය හා ගුණාත්මක බව ආරක්ෂා කිරීමත් අරමුණු කර ගනිමින් ඉදිරියේ දී පාසල් පද්ධතිය තුළට උපාධිධාරීන් හෝ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් නොවන කිසිවෙක් බඳවා නොගැනීමට සුදානම් වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එමෙන්ම අධ්‍යාපන මට්ටම අනුව වැටුප් දීමනා වැඩි කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කරන බවද සඳහන් කළා.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.