ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක්
- 2020-01-01 11:20:05
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පත්කර තිබේ.
මුදිත විදානපතිරණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 9 වන සභාපතිවරයා ය.
එතුමා ශ්‍රී ජයවර්ධනපුරවිශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය වරයෙකි. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට සිටින ප්‍රවීණයෙකු වන මුදිත විදානපතිරණ මහතා මෙරට නමගිය ආන්දෝලනාත්මක මිනී මැරුම් පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදු කළ විද්වතෙකු වන අතර, ඒ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව නියෝජ්‍ය සභාපතිවරිය ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය පත් කොට තිබේ. සුජාතා අලහප්පෙරුම මහත්මිය මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවකි.
නව සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සහ නව නියෝජ්‍යසභාපති නීතිඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය අද දින (31) උදෑසන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේදී සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදි.
	
 
Reply To:
Name - Reply Comment
0 Comments