ජාතික ළමා රක්ෂක අධිකාරියට නව සභාපතිනියක්
- 2017-04-24 16:15:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති ලෙස නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.
ඒ එම අධිකාරියේ හිටපු සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සිය පෞද්ගලික හේතුවක් මත ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගය.
නීතිවේදී උපාධිධාරිනියක වන මරිනි ද ලිවේරා මහත්මිය මානව හිමිකම් පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද හිමිකර ගෙන ඇති අතර, එමෙන්ම ඇය ව්‍යවස්ථා නීතිය හා මානව හිමිකම් නීතිය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකද වෙයි.
තවද ඇය 'Speech and Drama of Trinity College London'හි බලපත්‍රලාභී ගුරුවරියක වන අතර, 'London Academy of Dramatic Art, UK' වෙතින් මහජන ඇමතීම සඳහා වන රන් පදක්කමක්ද හිමිකර ගෙන තිබේ.
ඇය ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීමේ කමිටුව, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කමිටුව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කිරීම සඳහා වූ කමිටුව යන කමිටුවල සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කර ඇති අතර, ඒ අනුව ඇය මේ වනවිට ජාතික කාන්තා කමිටුවෙහි සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරමින් සිටියි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments