Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රවේණිගත ලක්ෂණ හේතුකොටගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග සඳහා ජාන වලට අදාළව ඖෂධ නිර්ණය කිරීමේ පහසුකම් ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ලෝකයේ වැඩිදියුණු වෙමින් පවතින ජානමය ඖෂධ ප්‍රතිකර්ම කඩිනමින් ශ්‍රී ලංකාවට හදුන්වාදීම මෙහි අරමුණ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ජානමය ඖෂධ ප්‍රතිකර්ම තුළ දී පිළිකා තත්ත්වයන් කළින් හඳුනා ගැනීම සහ කළමණාකරණය, බහු සාධක රෝග හදුනා ගැනීම ඇතුලු ප්‍රයෝජන රැසක් අත්වෙයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ජාන රසායනාගාර 05 ක් ස්ථාපිත කර ඇති අතර, දියුණූ ජානමය පර්යේෂණ සදහා එහි ඇත්තේ සීමිත අවකාශයකි.

සෞඛ්‍ය සේවාව තුල වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ  විද්‍යාපති උපාධියක් හෝ පශ්චාත් උපාධි ඩිප්ලෝමා අධ්‍යාපන සුදුසුකම් සහිත වෛද්‍ය නිලධාරින් 11 ක් ජන වෛද්‍ය විද්‍යාව හදාරා ඇත.

උසස් ජානමය අධ්‍යයන කටයුතු සදහා මිනිස් බල අවශ්‍යතා ද සම්පූර්ණ කළ යුතු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කිරීමට නියමිත රසායනාගාරය සදහා රුපියල් මිලියන 482 ක් වැය වන බව ඇස්තමේන්තු කර ඇත.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.