Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේදී ඉෂඩ් ඩී ප්‍රධාන ඇළට වැටුණ ත්‍රි‘රෝද රථයක සිටි සිය මාස පහක නැගණිය, අවුරුදු හයක සොයුරා, තම පියා හා තමාගේ ජීවිතයත් බේරා ගැනීමට අවුරුදු දහයක දරුවෙකු ඊයේ (26දා) සමත් විය.

මෙම බේරාගැනීමේ කාර්ය සිදුකරනු ලැබුවේ, පී. සසිඳු ලක්ෂාන් ජයකොඩි නමැති (අවු.10) දරුවෙකු විසිනි. ඔවුන් අලුත්වැව ප්‍රදේශයේ සිට මැදගම දක්වා ගමන් කරමින් සිටියදී ත්‍රි‘රෝද රථයේ හඬලය හැරවී ඉෂඩ් ඩී ප්‍රධාන ඇළට වැටී අනතුරට මුහුණ පා ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

තම දරුවා පාසල් හැරුණ පසු අලුත්වැව සිට මැදගම දක්වා තම නිවසට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් බවත්, තමන් ඇතුළු දරුවන් තිදෙනා බේරුණේ හාස්කමකට බව අනතුරට මුහුණදුන් පී. ලක්ෂ්මන් ජයකොඩි මහතා පැවසීය.

අඩි 30ක් පමණ ගැඹුරු ඉෂඩ් ඩී. ප්‍රධාන ඇළට වැටුණ ත්‍රිරෝද රථය ප්‍රදේශවාසීන් විසින් කඹ ආධාරයෙන් ගොඩට ගෙන තිබේ.

තම පියාගේ හා සහෝදරයන් ගේ ජීවිතය බේරාගත් ලක්ෂාන් මෙසේ පැවසීය.

"අපි එක පාරටම ඉෂඩ් ඩී ඇළට වැටුණා. මම මාස පහේ නංගියි, අවුරුදු හයේ මල්ලියි ඇළ බැම්මට තියාගෙන කෑගැසුහා මමත් පීනලා නංගියි, මල්ලියි බේරාගත්තා. තාත්තා බේරාගන්න කෑගහන කොට වීල් එකක ගිය මාමලා ඇළට පැනලා අපිවයි වීල් එකයි ගොඩට ගත්තා. අම්මා බයික් එකේ පිටුපසින් ආවා."

මනම්පිටිය - නිමල් ජයරත්න

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.