ජුනි 01 දා පාසල් විවෘත කරන්නේ නෑ
- 2020-05-06 10:21:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවටත්, මුලින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවට, ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, කිසිදු පළාත් අධ්‍යාපන බලධාරියෙකුට හෝ වෙනත් අධ්‍යන ආයතන ප්‍රධානියකුට එවැනි කිසිදු දැනුම් දීමක් කර නොමැති බවත් Covid 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වන්නටත් පෙර, මෙරට පළමු ආසාදිතයා හඳුනා ගත් සැණින් රටේ සියලූ පාසල් දරුවන්ගේ ජීවිත අභියෝගයට ලක් නොකොට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පාසැල් වැසීමේ තීන්දුව ක්‍රියාත්මක කළ බවත්ය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
රටේ දරුවන්ගේ ජීවිතවල වටිනාකම හඳුනා ගනිමින්, ඔහුගේ ජීවිත ආරක්ෂා කර දීමේ වගකීම පෙරදැරිව එම තීරණය ක්‍රියාවට නැංවූ පරිද්දෙන්ම, පාසැල් නැවත විවෘත කිරීමේ තීරණය ද ක්‍රියාවට නංවන බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.
නැවත පාසල් විවෘත කරන දිනය, සහ විවෘත කරන ආකාරය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා රජය විසින් ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අනුකූලව ඉදිරියේදී තීරණය කරනු ලබන බවත්, අධ්‍යාපන ලේකම්වරයා විසින් එම තීරණය ක්‍රියාවට නංවන්නේ පළාත් කලාප අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් සියලු ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමෙන් අනතුරුව බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා පැහැදිලි කළේය.
රටක් වශයෙන් පමණක් නොව, ලොවක් වශයෙන් සියළු ප්‍රජාව ඉතා තීරණාත්මක සහ අභියෝගාත්මක ගැටලුවකට මුහුණ දෙමින් සිටින මෙවන් මොහොතක, අවිචාරවත්ව සහ අගතිගාමී අයුරින් පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ චේතනාවෙන් මාධ්‍ය භාවිතයෙහි යෙදෙන ඇතැම් මාධ්‍ය සහ වෙබ් අඩවි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය බලවත් අප්‍රසාදය සහ විරෝධය පළ කරන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments