ජෛව සංරක්ෂණ සංගමය වෙරළබඩ පරිසරය ගැන ධීවර ප්‍රජාව දැනුම්වත් කරයි
- 2017-06-08 12:51:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජගත් පරිසර දිනයේ මෙවර තේමාව වන්නේ පරිසරය හා බැඳුණු ජනතාව යන්නය පාදක කර ගිනිමින් පුනි 05 ජගත් පරිසර දිනය සහ පුනි 08 සාගර දිනයට සමගාමීව වෙරළබඩ ජෛව විවිධත්ව සංරක්ෂණය හා එම පරිසරය ධීවර ප්‍රජාව තුළට බැඳී ඇති ආකාරය පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩ සටහන් මාලාවක් ජෛව විවිධත්ව සංරක්ෂණ සංගමය මගින් පසුගියදා කල්පිටිය ප්‍රදේශයේ දී පැවැත්විණ. ජෛව විවිධත්ව සංගමයේ සභාපති අචාර්ය ලලිත් ඒකානායක් මහතාගේ මූලිකත්යෙන් පැවැත් වූ මෙම වැඩසටහන සඳහා කල්පිටිය පල්ලිවාසතුරෙයි සහ සොන්කුපිටිය ධීවර සමිතිවල සමාජික සමාජිකාවන් සහභාගී වූහ. කල්පිටිය කුඩාව ළමා සමිතිවල දරු දැරියන් රැසකට ද මෙම දැනුම්වත් කීරීමේ වැඩසටහන පැවත්විණි.
2015 සයන්ස් සඟරාව මගින් ඉදිරිපත් කළ පර්යේෂණ වර්තාවකට අනුව සාගරයට ප්ලාස්ටික් අපදව්‍ය එකතු කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලොව 5 වැනි ස්ථානයේ පසුවන බව පෙන්වා දෙන පරිසරවේදී ආචර්ය ලලිත් ඒකනායක මහතා පොලිතීන් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කඩිනම් පියවර ගත යුතු බවද අවධාරණය කරයි. ඒ සඳහා දරුවන් උනන්දු කරවීමට රෙදි බෑග් වැනි පරිසර හිතකාමී මෙවලම් හැකි සෑම අවස්ථාවකම භාවිත කිරීමට හුරු කළ යුතු බව පෙන්වා දෙති.ජෛව සංරක්ෂණ සංගමය මගින් වැඩමුඵ මාලාව අතර තුර ගෙවතු සඳහා පැළ බෙදාදීම හා පරිසර හිතකාමී රෙදි බැග් බෙදා දීමක් ද සිදු කරන ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments