ටැබ් නවතී සුරක්ෂා ඉදිරියට
- 2019-11-29 12:50:25
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම සඳහන් කර සිටියේ ටැබ් පරිගණක ගනුදෙනුව පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, ඒ අනුව එම වැඩපිළිවෙළ තාවකාලිකව නැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගත් බවත්ය.
මේ අතර පාසල් සිසුන් වෙනුවෙන් ලබාදෙන සුරක්ෂා රක්ෂණය පිළිබඳ මේ වනවිට සමාලෝචනයක් සිදුවන බව වාර්තා වේ.
ඒ පිළිබඳ අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ පාසල් දරුවන්ට වැඩි ප්‍රතිලාභ ලැබෙන අයුරින් සුරක්ෂා රක්ෂණාවරණය ලබාදීම සඳහා අදාළ පාර්ශ්ව සමගින් සාකච්ඡා පවත්වන බවයි.
නිදර්ශනී වික්‍රමසිංහ
	
Reply To:
Name - Reply Comment
0 Comments