Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේනීතිය අනුව රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය පවතිනුයේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සතුව පමණක් බවත් සිසුන්ට ටැබ් ලබාදීමේ තීරණය අධ්‍යාපන කොමිෂන් සභාවේ තීරණයක් නොවන බවත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර මහතා විජය පුවත්පතට ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව සඳහන් කළේපාසල් සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමේ කැබිනට් තීරණය පිළිබඳ විජය පුවත්පත කළ විමසීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"1991 අංක 19 දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත ප්‍රකාරව අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම බලතල පවතින්නේ අප කොමිෂන් සභාවටයි. නමුත් අමාත්‍යවරයා ඔහුට අවශ්‍ය දේවල් කරනවා. ඇතැම් අවස්ථාවල පමණක් කොමිෂන් සභාවට යොමුකරනවා. තවත් අවස්ථාවල අමාත්‍යවරයා කමිටු පත්කරලා විවිධ ක්‍රියාමාර්ග ගන්නවා, කොමිෂන් සභාවට දැනුම් නොදී, කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව. අධ්‍යාපන අමාත්‍යවරයාට හැකියාව තිබෙන්නෙ කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. 

ටැබ් ලබාදීමේ තීරණයට අධ්‍යාපන කොමිෂන් සභාවේ සම්බන්ධයක් ඇත්දැයි අප කළ විමසීමකදී සභාපතිවරයා පවසා සිටියේ, &මෙය අධ්‍යාපන කොමිෂන් සභාවේ තීරණයක් නෙමෙයි. මේ වගේ දේවල් ඇමතිවරයා තමන්ගේ හිතුමතයට කරනදේවල්. එක් අවස්ථාවක ජනාධිපතිතුමත් මේකට විරුද්ධ වෙලා තිබෙනවා. ඒත් අද මේක අනුමත කළ කතාවක් කියනවා" යනුවෙනි.

නඳුන් ශ්‍යාමාල්

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.