Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය අර්බුදයට ලක්ව ඇතැයි කැබිනට් මණ්ඩලයේදී අනාවරණය වී තිබේ.

ටැබ් ලබාදීම අවස්ථා කිහිපයකදීම ප්‍රමාද වීම හේතුවෙන් මේ වනවිට ටැබ් පරිගණක ලබාදීම සඳහා සැලසුම් කර තිබූ මුදලට අමතරව රුපියල් මිලියන 2,275ක මුදලක් වියදම් කිරීමට සිදුව ඇතැයි ඊයේ (18දා) දින පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කර ඇත.

උසස් පෙළ සියලු සිසුන් හා ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමට සැලසුම් කර තිබුණද, අවස්ථා කිහිපයකදී කැබිනට් මණ්ඩල නිර්දේශ මත එය වෙනස් විය. මේ වනවිට ජාතික පාසල් 370ක උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක 189,000ක් ලබාදීමට යෝජනා කර තිබේ.

ටැබ් පරිගණක ලබාදීමට පෙර ඒ සම්බන්ධයෙන් ආදර්ශ ව්‍යාපෘතියක් සිදුකර එහි සාර්ථක අසාර්ථකභාවය සම්බන්ධයෙන් පරීක්ෂා කර බලන ලෙස අවස්ථා දෙකකදී ජනාධිපතිවරයා දැනුම් දී තිබිණි.

කෙසේ වුවද කලින් කලට මේ සම්බන්ධයෙන් කටයුතු වෙනස් වීම හේතුවෙන් මේ වනතෙක් ටැබ් ලබාදීම සම්බන්ධයෙන් ආදර්ශ නිවැරදි පරීක්‍ෂණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකර නොමැති අතර, මේ අවස්ථාවේදී ටැබ් පරිගණක මිලදී ගැනීමට අමතරව විශාල මුදලක් දැරීමට සිදුව ඇති බවද ඊයේ (18දා) කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තිබේ.

අමාත්‍යාංශවල වියදම අඩුකර ගැනීමට මුදල් කප්පාදු කිරීමට සැලසුම් කර තිබියදී, මෙවැනි ව්‍යාපෘතියක් සිදුකරනුයේ කෙසේදැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කර ඇතැයිද වාර්තා වේ.

අමාත්‍යාංශවල වියදම් 15%කින් කපා හරින්නේ නම්, පාසල් ළමයින් සඳහා ටැබ් ලබාදීමේ ව්‍යාපෘතිය සිදුකිරීමටද නොහැකි වනු ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදී කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) උදෑසන කැබිනට් රැස්වීම පැවැත්විණි.

චාමර සම්පත්

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.