ටියෑංගොංග් - 1 පැසිෆික් සාගරයට ඇද වැටේ
- 2018-04-02 12:55:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ ටියෑංගොංග් - 1 අභ්‍යවකාශ ෂටලය අද අලුයම් කාලයේ පෘථිවි වායුගෝලයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. ගිනිගත් ෂටලය දකුණු පැසිෆික් සාගරයේ මැද ප්‍රදේශයට වේගයෙන් ඇදවැටුණු බවත් එහි බොහෝ කොටස් පිළිස්සුණු බවත් ඔවුහු තවදුරටත් පවසති."එය නියමාකාරයෙන්ම අපේක්ෂිත කාර්යන් ඉටුකරනු ලැබුවා. එහි අවසන් අවස්ථාවත් අප අපේක්ෂා කළ ආකාරයටම සිදුවූවා. කිසිම උපද්‍රවයක් පෘථිවියට සිදු නොකර හිස් ප්‍රදේශයකට ඇද වැටුණා" යැයි හාවර්ඩ් ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ තාරකා භෞතික විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් පවසයි.ෂටලය නැවත ඇතුළු වන අවස්ථාවේ පැසිෆික් සාගරයට ආලෝකය වැටී තිබුණු බැවින් එහි ඡායාරූප ලබාගැනීමට නොහැකි වූ බවද පැවසේ.
(සී.එන්.එන් පුවත් ඇසුරිනි )
Reply To:
Name - Reply Comment
0 Comments