Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරිමට යොදාගත හැකි හරිතප්‍රද (ක්ලෝරොපිල් - Chlorophyll)  විෂ රහිත තිරසර ක්‍රමවේදයක් පිළිබද ජර්මන් ජාතික විශේෂඥවරයෙකු වන ඩෝනාට් පීටර් හේඩර් මහතා  පසුගියදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසී දැනුවත් කරන ලදි. 

ජර්මන් ජාතික විශේෂඥවරයෙකු වන ඩෝනාට් පීටර් හේඩර් මහතා මෙහිදී පෙන්වා දුන්නේ දැනට සිදු කෙරෙන මදුරු මර්දන ක්‍රමවේදය සහ මෙම ක්‍රියාවලිය බොහෝ වෙනස් බවයි. සාමාන්‍යයෙන් මදුරුවන් මර්දනයේ දී සිදු කරනු ලබන්නේ‍ මදුරු කීටයාට විෂ සහිත රසායනික සංයෝගයක් යෙදීම බවත්, එමඟින් මදුරු කීටයාට පමණක් නොව පරිසරයේ අනෙක් ක්ෂද්‍ර ජීවීන්ටද විෂ සහිත වන බවත් එමඟින් ඔවුන්ද විනාශ වන බවත්ය. සත්වයෙකුට හෝ දරුවෙකුට වුවද එයින් බලපෑමක් සිදුවිය හැකි බව පෙන්වා දෙන ඒ මහතා එම මදුරු මර්දන කටයුතු සදහා යොදා ගන්නා  රසායනික ද්‍රව්‍ය ලංකාවේ නිෂ්පාදනය නොකරන නිසා අධික මිලක් දැරීමට සිදු වන බවද පෙන්වා දෙන දුනි.

නමුත් හරිතප්‍රද (ක්ලෝරොපිල් - Chlorophyll) මගින් මෙය සිදු කරනු ලබන මෙම ක්‍රමවේදය තිරසාර ක්‍රමවේදයක් බවත් ක්ලෝරොපිල් ශ්‍රි ලංකාව තුළ  බොහෝ වන බවත්, කිසිම හිඟයක් ඇති නොවන බවත් පෙන්වා දුන් ඩෝනාට් පීටර් හේඩර් මහතා ක්ලෝරෆිල් භෝග වලින්ම ලබා ගත යුතු නොවන බවත්, තණකොළ, කෙසෙල් කොළ වැනි දේ වලින් ක්ලෝ ක්ලෝරොපිල් ලබාගෙන සරල රසායනික විද්‍යාත්මක ක්‍රියාවලියක් මගින් ක්ලෝරොෆිලින් (chlorophyllin)  නැමැති මෙම සාන්ද්‍රණය  සාදා ගත හැකි බවද  පෙන්වා දුන්නේය.

ඉතාම අඩු සාන්ද්‍රණයකින් මෙම සංයෝගය භාවිත කර මදුරු කීටයින් විනාශ කිරීමට භාවිත කළ හැකි බවත්, මෙහි විෂ ගතියක් පෙන්නුම් කරන්නේ හිරු එළියට නිරාවරණය වීමෙන් පමණක් බවත්, හිරුඑළිය වැටීම නිසා මදුරු කීටයා ඇතුලත මෙම විෂ සහිත ක්‍රියාවලින් සිදුවීම හේතුවන් මදුරු කීටයින් මර්දනය සිදු වන බව පෙන්වා දුන්නේය.

මෙම විෂ රහිත තිරසර ක්‍රමවේදය මගින් මිනිසාට සහ පරිසර පද්ධතියට කිසිදු හානියක් නොවන බව පෙන්වා දුන් ඒ මහතා මෙරට හරිත ප්‍රද මගින් මෙම සංයෝගය නිපදවා ඩෙංගු මර්දන ඒකකය සහ වෛද්‍ය පර්යේෂණය ආයතනය සමග එක්ව මෙම ක්‍රියාවලිය අත්හදා බැලීමට බලාපොරොත්තු වන බවට ද සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළ අතර, සෞඛ්‍ය අමාත්‍යවරිය පවසා සිටියේ  ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරිමට විෂ රහිත මෙවැනි තිරසර ක්‍රමවේදයක් යොදා ගැනිමට හැකි නම් එය ඉතා වැදගත් වන බවත්, ඒ පිළිබද පරීක්ෂණ පවත්වා එම ක්‍රමවේදය අප රට තුළ කොපමණ දුරකට සාර්ථක වනවා ද යන්න තමාව දැනුවත් කරන ලෙසයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.