ඩෙංගු මර්දනයට ඔස්ට්‍රේලියාවෙන් බැක්ටීරියාවක්
- 2017-06-19 12:05:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා ඔස්ට්‍රේලියාව සොයාගෙන ඇති නව බැක්ටීරියාව ශ්‍රී ලංකාවේද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එම බැක්ටීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමේ හැකියාවක් ඇති අතර එය දැනට වියට්නාමය, ඉන්දුනීසියාව වැනි රටවල අත්හදා බලා ඇත. මෙම බැක්ටීරියාව කෘෂිකර්ම කටයුතුවලටද යොදා ගනු ලබන බව ඒ පිළිබඳ පර්යේෂණ කළ ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ මෙම පරීක්ෂණ ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටීරියාව ඇතුළ් කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක හසිත තිසේරා මහතා සඳහන් කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments