Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජනාධිපති කාර්යසාධක බලකාය ඒකාබද්ධව 2018 අප්‍රේල් මස 03 වන දින සිට 09 වන දින දක්වා දිවයින පුරා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරේ. එළඹෙන නිරිත දිග මෝසම් වර්ෂාව සමග දිවයින පුරා ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් පවතින බැවින් එම තත්ත්වය මැඩපැවැත්වීම මෙහි මූලික අරමුණයි.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිවයිනේ සියලු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.මදුරු මර්දන සතිය තුළ පාසල්, කාර්යාල හා අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිඳු කිරීමේ වැඩසටහන පිළිබඳ සියලු පාසල් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, පළාත් හා කලාප කාර්යාල නිලධාරීන් මෙන්ම අධ්‍යාපන ආයතන ප්‍රධානීන් සහ මව්පියන් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

·  මදුරු මර්දනය වෙනුවෙන් අඛණ්ඩ වැඩසටහන් සිදු නොකරන පාසල් හා කාර්යාල වෙත ඒ සඳහා වැඩසටහන් ක්‍රියාවට නැංවීමට උපදෙස් ලබා දීම.

· පාසල් නිවාඩු කාලය ආරම්භ වීමට ප්‍රථමව හා නව පාසල් වාරය ආරම්භ වීමට පෙර පාසල් පරිශ්‍රය තුළ පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාවට නැංවීමට උපදෙස් දීම.

· පාසල් නිවාඩු කාලය ආරම්භ වීමට පෙර හා නව පාසල් වාරය ආරම්භ වීමට පෙර පාසල් පරිශ්‍රය තුළ පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

එමෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සඳහා ජනාධිපති කාර්යසාධන බලකාය විසින් සම්පාදිත කඩිනම් අන්තර්පාර්ශවීය වැඩසටහන 2018 අප්‍රේල් 07 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බැවින් සියලු පාසල් තුළ ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට සියලු පළාත් හා කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කරන ලෙසද අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දී තිබේ.

එසේම සියලු පළාත් සහ කලාප පාසල් තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මදුරු මර්දන වැඩසටහන්වලට අදාළ වාර්තා, ජාතික ඩෙංගු මර්දන ඒකකයට සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පිටපත් සහිතව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මාසිකව යොමු කරන ලෙස ද අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබේ. ( රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.