Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වර්ෂාව ඇද හැලීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් හා කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට ආරම්භ වී ඇතැයි වාර්තා වේ. ජල පෝෂක ප‍්‍රදේශවලට අධික වර්ෂාව ලැබුණහොත් එම ජලාශයේ වාන් දොරටු ස්වයංකි‍්‍රයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් සිටින පිරිස්වලට සැලකිලිමත් වන්නැයි ඉහළ කොත්මලේ ජලාශයේ ඉංජිනේරුවෝ ඉල්ලති. ලක්‍ෂපාන ජලාශයේ විවෘත කර තිබු වාන් දොරටු මේ වන විට වසා දමා ඇති අතර තවදුරටත් වැසි ලැබුණහොත් එම ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බව විදුලි බලමණ්ඩලය පවසයි.

විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීමට පටන්ගෙන ඇති නිසා කැලණි ගඟේ ජලමට්ටම තරමක්  ඉහළ යා හැකි බව ද සඳහන් වේ.
තද වර්ෂාවත් සමග කාසල්රී ජලාශයට පහළින් ඔස්බොන් වත්ත ප්‍රදේශයේ පස්කන්ද කඩාවැටීමෙන් හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයද ඇන හිට ඇතැයි ද නෝටන්බ්‍රිජ් මස්කෙළිය මාර්ගයට ටේබර්ටන් ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගය ගමනා ගමණය ද ඇන හිට  ඇතැයිද  පොලිසිය පවසයි.

මේ අතර නෙළුව ප්‍රදේශයට සහ ඉහල ජලපෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් අද (15) අලුයම සිට ගිං ගඟ ආශ්‍රිත පහත්බිම් රැසක් යටවී ඇතැයි ගිංගග බාර වාරීමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා ලංකාදීපයට පවසා තිබේ.

ගිංගඟේ බද්දේගම ජල මාපාංකයට අනුව ගිංගඟේ පිටාර මට්ටම වූ මීටර් 3.80 ඉක්මවා එය  අද උදසන 6.00 වන විට මීටර 3.90 ආසන්නයේ පැවති  බවද අමරජීව සඳහන් කර තිබේ.

මේ වනවිට බද්දේගම නාගොඩ හරහා කුරුපනාව මාර්ගයත් උඩුගම මාර්ගයේ උනන්විටිය, කැප්පිටියාගොඩ සහ කුරුපනාව යන ස්ථානත් ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මේ වනවිට ආපදා සහන කණ්ඩායම්   සහ අවශ්‍ය බෝට්ටු  අපදා කළමනාකරණ ඒකකය මගින් සුදානම් තර තිබේ.  

මේ වනවිට ඉහල පෝෂක ප්‍රදේශවලට සහ පහළ ප්‍රදේශවලට  සැලකිය යුතු වැසි වාර්තා නොවන බවත් ගිංගගේ ජලමට්ටම වැඩිවීම පැයකට සෙන්ටිමීටර 0.5 පමණ වේගයක් බව වාරි ඉංජිනේරුවන් සඳහන් කර තිබේ. 

අද උදෑසන වනවිට වැලිවිටිය දිවිතුර, බද්දේගම, යක්කලමුල්ල, නාගොඩ, තවලම සහ නෙළුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් සහ අතුරු ඇළ මාර්ග පිටාර ගැලීමෙන් ඇතැම් ස්ථානවල පහත්බිම් රැසක් මේ වනවිට යටවෙමින්  තිබුණ බව ආපදා කළමණාකරන ඒකකය නිවේදනය කරයි.

අද දිනයේත් වැසි තත්වය අධික වුව හොත් පහත් බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට සැලකිලිමත් වන  ලෙස ආපදා කළමනාකරණ ඒකකය මහජනයාට දැනුම් දෙයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.