තම උපකාරක පන්තියට පැමිණෙන ලෙස බලපෑම් කරන ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග
- 2018-04-18 18:01:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය උපකාරක පන්තියට එන ලෙස පවසමින් පාසලේදී දරුවන්ට හා දෙමාපියන්ට විවිධ බලපෑම් සිදුකරන ගුරුවරුන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
විශේෂයෙන්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන අමතර ඉගැන්වීම් පන්ති සඳහා දරුවන් සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් ගුරුවරුන් විසින් සිදුකරන බලපෑම් පිළිබඳව ඇතැම් මාපියන් තමා වෙත පුද්ගලිකවම තොරතුරු ලබාදී ඇති බවද පෙන්වා දුන් අමාත්‍යවරයා තත්ත්වය වහා නතර කිරීමට පියවර ගත යුතු බව අවධාරණය කර ඇත.
අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති 1988 ක්ෂණික දුරකථන අංකය හරහාද මෙවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments