Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අවුරුදු දෙසීයකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ගාල්ල බොනවිස්ටා විද්‍යාලයය හා තවත් විදුහල් තුනක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය නීති‍ඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ.

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයය, මඩකලපුව, වාලච්චේනයි හින්දු විද්‍යාලයය සහ අම්පාර, ඉරක්කාමම් අල්/අෂ්රොප් මධ්‍ය මහා විද්‍යාලයය ජාතික පාසල් බවට පත්වන අනෙක් විදුහල් තුනයි.

1814 වසරේ දී ආරම්භ කරන ලද ගාල්ල බොනවිස්ටා විදුහල 2017 වසර වනවිට ශිෂ්‍ය සංඛ්‍යාව 17 කට සීමා වී වැසී යන තත්ත්වයට පත්ව තිබිණි.

විදුහලේ ඵෙතිහාසික අගය තේරුම්ගත් අධ්‍යාපන අමාත්‍ය නීති‍ඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් පරිදි විදුහල සංවර්ධනය කරනු ලැබීය. ආදිශිෂ්‍ය  සංගමය, පාසල් සංවර්ධන සමිතිය සහ පාසලට සහය දක්වන්නන්ගේ ද සහයෝගය ඇතිව මේ වනවිට විද්‍යාලය සීඝ්‍ර දියුණුවක් ලබා ඇත.

ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ආචාර්ය එඩ්වින් ආරියදාස, වැනි සුප්‍රකට පුද්ගලයන් මෙහි ආදි ශිෂ්‍යයෝ අතර වෙති.

මාලදිවයින් හිටපු ජනාධිපති මව්මුන් අබ්දුල් ගයුම් මහතා ද බොනවිස්ටා විදුහලේ ආදි සිසුවෙකි. හෙතෙම පාසල් සිසුවකුව සිටිය දී 1948-1949 කාලයේ මෙරට වාසය කරන විට බොනවිස්ටා විදුහලේ ඉගෙනුම ලැබ ඇත.

කිසියම් හේතුවක් මත මෙම පාසල් ජාතික පාසලක් ලෙස රජයට පවරා ගැනීම සම්බන්ධ ව එකඟතාව පළ නොකරන අධ්‍යයන හා අනධ්‍යයන සාමාජිකයින් යම් පාසලක සිටී නම් ඔවුන් වසර 3 ක සේවා කාලයකින් පසු පළාත් රාජ්‍ය සේවයට මුදාහැරීමට ද අවස්ථාව සලසා ඇත.

අලුතින් ජාතික පාසල් ලයිස්තුවට එක්වන මෙම පාසල් හතරත් සමඟම දැනට ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පවත්නා ජාතික පාසල් සංඛ්‍යාව 374 දක්වා ඉහළ නැංවෙයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.