Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ත්‍රිකුණාමලය ලන්දේසි කොටුවේ dc redout යුද අට්ටාලයේ කැණීම් අතරතුර භූගත කුටියක් මතුකරගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 මෙම භූගත කුටිය විශේෂ කොටසක් ලෙස කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිත කරමින් ඉදිකර ඇති බව හඳුනාගත හැකි අතර එහි පසකින් ඇතුලුවීමට ප්‍රවේශ දොරටුවක් තබා තිබු බව වසා ඇති ආරුක්කු වැනි ඉදිකිරීම් මඟින් තහවුරු වේ. මෙම දොරටුව මේ වන විට කළුගල්වලින් බැඳ වසා දමා තිබෙන බව අමාත්‍යාංශය  නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයේ උපුටා ගැනීම

‘භූගත කාමරය හා ඉංග්‍රීසින්ගේ මුල් අවධියේ ඉදි කල කාලතුවක්කු රඳවනයක් ඊට ඉහලින් වර්තමානයේ දකින්නට ලැබෙන කාලතුවක්කු රඳවනයක්ද සොයා ගෙන ඇත. ඉංග්‍රීසින් විසින් කොන්ක්‍රීට්, ගල්, බොරළු,වැලි ආදිය යොදාගෙන මුල් ආකෘතිය වෙනස් කරමින් පසුකාලිනව ඉදිකිරීම් සිදුකර ඇත.

ඉංග්‍රීසි පාලන කාලයේ ඉදිකිරීම් අවධි දෙකකට අයත් අතර මුල් අවධියේදී තරමක් පහතින් ඉදිකොට ඇති ආරක්ෂක මුර කුටියකි. දෙවන ලෝක යුධ සමයේ දී එම කොටස වැලි හා පෙට්‍රල්වලින් පුරවා වසා දමා තරමක් දියුණු ආයුධ සවිකොට තිබු බවත් එය ඉදිකිරීමේදී සිමෙන්ති භාවිතයෙන් නිමවා තිබෙන බව කැණීම් කටයුතු වලින් වඩාත් තහවුරු කර ඇත.

dc redout යුද අට්ටාලයේ කැණීම මඟින් විවිධ අවස්ථාවන්හිදි බටහිර ජාතින් විසින් සිදුකර ඇති මැදිහත්වීම හා ඔවුන්ගේ යුද කටයුතු සඳහා කළ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීම සිදුකරනු ලබන අතර එහිදී එම ස්මාරකයේ ඉදිකිරීම් අවධි තුනකට අයත් බවට සාධක මතුකරගෙන ඇත. මෙම de redout යුද අට්ටාලයේ ඉදිකිරීම් මුලින්ම සිදුකර ඇත්තේ ලන්දේසින් වන අතර පසුව ඉංග්‍රීසීන් විසින් සිය ආරක්ෂක අවශ්‍යතාවයන් මත වෙනස්කම් වලට ලක්කර ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.