‘ත්‍රිපිටකාභිවන්දන’ මාර්තු 16-23 දක්වා සතියක් නම් කෙරේ
- 2019-03-13 12:32:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් මාර්තු මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ‘ත්‍රිපිටකාභිවන්දන’ යනුවෙන් සතියක් නම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පැවැසීය.
‘ත්‍රිපිටකාභිවන්දන’ සතිය මාර්තු 16 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව පරිශ්‍රයේදී ජාතික උත්සවයෙන් ආරම්භ කෙරේ. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් අදාළ ලියකියවිල යුනෙස්කෝ සංවිධානයට බාර දීම ද උත්සවයට සමගාමීව සිදු කරන ජනාධිපති ලේකම්වරයා කීය.
‘ත්‍රිපිටකාභිවන්දන’ සතිය වෙනුවෙන් මාර්තු 14 සහ 15 යන දෙදින දිවයිනේ සියලු නගරවල ධජ පතාකවලින් සැරසීමටක් කටයුතු කර තිබෙන අතර සතිය තුළදී සෑම නිවසකම, සෑම ආයතනයකම බෞද්ධ ධජයක් ප්‍රදර්ශනය කරන්නැයි ලේකම්වරයා ඉල්ලා සිටී.
File photo
Reply To:
Name - Reply Comment
0 Comments