Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2016 වර්ෂයේ අවසානය වන විට මෙරට ලියාපදිංචි ත්‍රීරෝද රථ සංඛ්‍යාව ලක්ෂ එකොළහකට අධික වන අතර, පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ කාර්යයේ යොදවනු ලැබ ඇති වෑන් රථ සංඛ්‍යාව 30,000 කට අධික බව වාර්තා වී ඇත.

දැනට නිසි නියාමනයක් නොමැතිව අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සේවාවේ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරී කමිටුවේ නිර්දේශ මේ වන විට ඉදිරිපත් කර තිබේ.

එම නිර්දේශ අනුව 

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවාධාන පරිදි මෙම විෂය ක්‍ෂේත්‍රය පළාත් සභාව සතු විෂයක් ලෙස සලකා කටයුතු කිරිම.
  • මෙම ප්‍රවාහන සේවාන් දෙකෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වන අවම ප්‍රමිතීන් ඇතුළත් උපදෙස් හා නීතිරීති මාලාවක් සැකසීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීම පිණිස ජාතික තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කිරීම.

යන කරුණු ක්‍රියත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

002

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.