Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් පූර්ණ කාලීනව හා විධිමත්ව පුහුණුව ලැබූ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් 2378 දෙනෙකුට ඩිප්ලෝමා සහතික පිරිනැමීම අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. රුහුණු, නිල්වලා, පේරාදෙණිය, ඌව සහ රුවන්පුර යන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි අධ්‍යයනය ලැබූ ගුරු ශිෂ්‍යයින් සඳහා ඩිප්ලෝමා ප්‍රදානය කෙරිණ. 

"ආගම් හා ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ රටෙහි ස්ථාපිත කළ යුතු යැයිද එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක  ආරම්භ කළ ඒ ක්‍රමය වර්තමානය වන විට සිංගප්පූරුව තුළ ක්‍රියාත්ම වන්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. පොදු ක්‍රමවේදයක් සැකසීම සඳහා කරුණු අධ්‍යයනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිංගප්පූරුව වෙත පිටත් කර යැවීමට පියවර ගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා  නව අධ්‍යාපන ක්‍රමය පිළිබඳව විවිධ යෝජනා සහ අදහස් මේ වන විට ඉදිරිපත්ව තිබෙන බැවින්, ඒ සියල්ල සැලකිල්ලට ගෙන ශ්‍රී ලාංකීය අනන්‍යතා මූලධර්ම පදනම් කර ගනිමින් රටේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බව ද පැවැසීය."

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.